ඉරාන මිසයිල ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලාංකිකයන් පිරිසකට තුවාල..

ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉලක්ක කර ගනිමින් දියත් කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූවන් අතර මෙරට වැසියන් ද සිටින බව එරට ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි. පෙබරවාරි 28 වැනි දින ඇරඹුණු මෙම ප්‍රහාර ක්‍රියාවලිය හේතුවෙන් පුද්ගලයින් 58 දෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර, එම පිරිසට ලාංකිකයින්ට අමතරව ඉන්දීය, ඊජිප්තු, පිලිපීන සහ එමීර් රාජ්‍යයේ වැසියන් ද ඇතුළත් වන බව වාර්තා වේ. එමෙන්ම, මෙම සිදුවීමෙන් පුද්ගල මරණ තුනක් වාර්තා වී ඇති අතර, එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නේපාල, පාකිස්ථාන සහ බංග්ලාදේශ ජාතිකයින් තිදෙනෙකි. විවිධ ජාතීන්ට අයත් පිරිසක් මෙම ප්‍රහාර මාලාවට ගොදුරු වී ඇති බව එමීර් රාජ්‍යයේ ප්‍රකාශයක දැක්වේ.