ඔපෙක් ප්ලස් සංවිධානය තෙල් නිෂ්පාදනය වැඩි කරයි

මැද පෙරදිග උද්ගතවෙමින් පවතින තත්වය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් යාත්‍රා කිරීමේදී බාධා එල්ලවීමත් සමග ඊට විසඳුමක් ලෙස දිනකට අමතර බොරතෙල් බැරල් 206,000ක් බොරතෙල් වෙළෙඳපොළට එක් කිරීමට සෞදි අරාබිය, රුසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ තවත් ඔපෙක් ප්ලස් සංවිධානයේ රටවල් පහක් තීරණයකට එළැඹ ඇත.