හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ චැනල් 04 නාලිකාවේ විකාශය අසාද් මවුලානගේ ප්‍රකාශය අනුව බව ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම වීඩියෝව මවුලානගේ ප්‍රකාශය අනුව සිදුකරන රංගනයක් බවත් එහි සියලු අවස්ථා හඳුනාගත නොහැකි ආකාරයට අඳුරුකර අදාළ පුද්ගලයන්ගේ පිටුපස පමණක් පෙන්වන බවයි. මෙය සංස්කරණය කරන ලද ව්‍යාජ වීඩියෝවක් ඒ අනුව මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ඉතාම අමනෝඥ ක්‍රියාවක් බවද ටිරන්ත වලලියද්ද ප්‍රකාශ කරයි. අසාද් මවුලානා ප්‍රකාශ කරන ආකාරයට සුරේෂ් සලේ පැමිණ සහරාන් හමු වූ බව තහවුරු කිරීමට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් එහි නොමැති බවද හෙතෙම අවධාරණය කරයි. දැන් ජනාධිපතිවරයා කළ යුත්තේ මොරටුව විශ්වවිද්‍යාලයට අදාළ වීඩියෝව සත්‍යයද අසත්‍යයද යන්න තහවුරු කර ගැනීම බවත් එවිට මේ සියලු ප්‍රශ්න සඳහා විසඳුම් ලැබෙන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.