යළි පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කිරීම රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක් – රනිල්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ රැසක් පවත්වා, වාර්තා නිකුත් කර, නඩු පවරා අවසන් වී ඇති බැවින්, තවදුරටත් ඒ පිළිබඳ ව විමර්ශනය කිරීම අවශ්‍ය නොවන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. මෙලෙස සියල්ල අවසන් වී තිබියදී නැවත නැවතත් පරීක්ෂණ සිදු කිරීම රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක් බවයි ඊයේ (02) පැවැති රැස්වීමක් අමතමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න