රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂයක් වටිනා ’’තාරකා ’’ ( මේවර ) ඉබ්බන් 25 දෙනෙකු නීතිවිරෝධී ලෙස මැලේසියාවට රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු සමග කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රාජකාරී සදහා අනුයුක්ත කර සිටි ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව , සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .