පාර්ලිමේන්තු මහලේකම්ගේ පෙත්සම මාර්තු 18 කැඳවයි

පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් නීති විරෝධී අන්දමින් තමන්ට එරෙහිව චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කර වැඩ තහනම් කිරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප‍්‍රධානි නීතිඥ චමින්ද කුමාර කුලරත්න මහතා ගොනුකොට ඇති රිට් පෙත්සම පිළිබඳ කරුණු මාර්තු 18 වැනිදා තහවුරු කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.