අයථා මුදල් ඉපයීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට දෙමටගොඩ රුවන් නැමති සැකකරුට ඇප ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ එකසිය පනහක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන පැමිණිල්ලේ සැකකරුවෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ආර්. දුමින්ද සිල්වා නම්කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද (03) දැනුම් දුන්නා. සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මොහොමඩ් මොහිදීන් සප්රාස් නවාස් නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිෂම එසේ පැවසීය. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ දෙමටගොඩ රුවන් නමැති සැකකරුට ඇප ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පනහක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බවය. නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිව සිටියදී ආර්. දුමින්ද සිල්වාගේ අනුදැනුම මත මෙම අල්ලස් මුදල් ලබා ගෙන ඇතිබවත්,රුපියල් ලක්ෂ සීයක අල්ලස් මුදලක් ලබාගත් තවත් සැකකරුකු මේ වන විට මියගොස් ඇති බවත් පැවසුවා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවකු ලෙස නම් කරන ආර්. දුමින්ද සිල්වා සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට නියෝග කළා. අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන 13 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කළා. මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මොහිදීන් සප්රාස් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම මෙසේද පැවසුවා. නීති විරෝධී වත්කම් විමර්ෂණ කොට්ඨාසය මගින් සිදු කරන විමර්ශනයක් අනුව දෙමටගොඩ රුවන් යන විත්තිකරු රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම අවස්ථාවේදී දෙමටගොඩ රුවන්ගේ පවුලේ සාමාජිකයින් හා පුතා අත්අඩංගුවට පත්වීම වැළැක්වීමටත්, රුවන්ට ඇප ලබාදීම සඳහාත් රුවන්ගේ පුතා වන තරිඳු යන අයගෙන් අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තෙබෙනවා. නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති වන ආර්. දුමින්ද සිල්වා යන අය පැමිණිලකාර තරිඳු හමුවීමෙන් අනතුරුව ඇප ලබා ගැනීමේ කටයුතු සලසා දීම සඳහා අද දින අධිකරණයට ඉදිරිපත් කරන සැකකරු හමුවන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව මෙම සැකකරු හමුවීමෙන් පසුව අදාළ මුදල් ලබා දී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් දෙවැනි සැකකරු ලෙස ආර්. දුමින්ද සිල්වා නම් කරනු ලැබුවා. තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිසිත් අබේසූරිය මහතා කරුණු දක්වමින් කියා සිටියේ අදාළ මුදල් ලබා ගත්තේ නම් එම මුදල් නීතිඥවරයාට ලබාදී ඇප ලබාගෙන ඇති බවය. රුවන් යන අය මේ වන විට ඇප මත සිටින බවත් ඔහුට එරෙහිව තවත් නඩුව තිබෙන බවත්, පැමිණිලිකරු මෙවන් පැමිණිල්ලක් කර එම පැමිණිල්ල අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී ඉල්ලා අස්කරගෙන ඇති බවත් සඳහන් කළා. මෙහිදී පැමිණිල්ලට ප්‍රශ්නයක් යොමු කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිලිකරු විසින් මුදල් ලබා ගැනීමට එරෙහිව කළ පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන ඇත්තේ ඇයි දැයි විමසා සිටියා. ඊට එය පිළිතුරු ලබා දුන් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ පැමිණිලිකරුට ඇති තර්ජන හේතුවෙන් අදාළ පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන ඇති බවය. ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් විමර්ශන ආරම්භ කළ බවත්, ඒ අනුව සැකකරුවන් අනාවරණය කර අත්අඩංගුවට ගත් බවත් පැවසුවා. සැකකාර පාර්ශවයේ කරුණු දැක්වීම සම්බන්ධයෙන් යළි පැමිණිල්ලට ප්‍රශ්නයක් යොමු කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරු විසින් ලබාගත් මුදල් නීතිඥවරයාට ලබාදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළේද යන්න විමසා සිටියා. ඊට ප්‍රතිචාර දැක වූ අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ අදාළ මුදල් නීතිඥවරයාට ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළේ අද (03) උදෑසන බවය. නඩුවට පෙනී සිටි නීතිඥවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවත් සඳහන් කළා. දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 13 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබුවා. ආර්. දුමින්ද සිල්වා සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් ගොනුකරන ලෙසත්,අදල් නීතිඥවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අල්ලස් කොමිසමට නියෝග කළා. -newscenter