අනතුරට පත්වූ නෞකාව ඉරාන නාවික හමුදාවේ - නැවේ සිටි 30ක් බේරාගැනේ

ගාල්ල වරායට සැතපුම් 40ක දුරින් අනතුරට ලක්වූ නෞකාව ඉරාන නාවික හමුදාවට අයත් බවට අනාවරණය වී තිබේ.

එහි සිටින 30 දෙනෙකු පමණ ගලවා ගැනීමේ මෙහෙයුමක් මේ වනවිට නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් සිදුකර ඇති අතර, ඔවුන්ව මේ වනවිට ගොඩබිමට රැගෙන එමින් පවතී.