ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සෘජු මැදිහත්වීමෙන් හැකි ඉක්මනින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට හෝ බලයලත් නිලධාරියෙකු හට පැවරීම පිළිබඳව ICC ආයතනය සමග මේ වනවිටත් සාකච්ඡා කරමින් පවතින බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ පවසනවා. ජනාධිපතිවරයා ද මෙම සාකච්ඡා සඳහා සෘජුව මැදිහත් වී ඇති බවයි අද පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර සිටියේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා අනිවාර්යයෙන්ම රජයක් ලෙස මැදිහත් වන බවත්, එහි වගකීම වෙනත් අයට භාරදිය නොහැකි බවත්, එය රජයේ වගකීමක් බවයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න