සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයට ලබාගත් සත්මහල් ගොඩනැගිල්ලක කුලී මුදල් ගෙවීමේ චෙක්පත් ප්‍රමාදයකින් තොරව ලබාදීමේ කටයුතු කරදීම සඳහා රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන ලිපිකරුවකු වන ආපනශාලා හිමිකරු ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය.