කෙසෙල්බද්දර පත්මේ තවත් දින 90 රඳවා ගන්න අවසර

ගණේමුල්ලේ සංජීව කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුවන්ට ආධාර අනුබල දෙමින් ඔහුව මෙහෙයවූයේ යැයි රඳවා ප්‍රශ්න කරන කෙසෙල් බද්දර පත්මේ සැකකරු තවත් දින 90 රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා රහස් පොලීසියට අද (05) අවසර ලබා දුන්නේය.