මැදපෙරදිග මතුව ඇති යුදමය වාතාවරණය හමුවේ ඉදිරි සති කිහිපය මෙරටට තීරණාත්මක කාල පරාසයක් විය හැකි බවත් රට තුළ අත්‍යවශ්‍ය සේවාවන්හී ප්‍රමාදයන් විය හැකි බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසයි. “ඇතිවෙලා තියෙන වර්තමාන යුදමය වාතාවරණයෙන් නැව් ගමනාගමනයට, ගුවන් යානා ගමනාගමන කටයුතුවලට සීමාවන් ඇතිවෙලා තියෙනවා, සීමාවන් පනවලා තියෙනවා, සීමාවන් පනවන්න වෙලා තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙච්ච සහ අපි ඉල්ලුම් කරන ලද ඒ අත්‍යවශ්‍ය සේවාවන් සමහරවිට ප්‍රමාදයන් ඇති වෙන්නත් ඉඩ තියෙනවා ඉදිරියේදී. ඉදිරි සති කිහිපය තීරණාත්මකයි. ඒ අනුව, අපිට මේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා විශේෂ අවධානයක් යොමුකළ යුතුයි. ඒ අනුව තමයි අපේ හදිසි තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යන්න කටයුතු කරලා තියෙන්නේ.” මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න