‘කාන්තාවට වෙනස් සැලකීම් නවත්වනවා‘

නිවසේදී, ප්‍රවාහනයේදී, වැඩබිමේදී සහ දේශපාලන වේදිකාවේදී කාන්තාවට සිදුවන සියලුම ආකාරයේ හිංසනයන්ට සහ වෙනස්කොට සැලකීම්වලට එරෙහිව ක්‍රියා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර කාන්තා දින සුබ පැතුම් පනිවිඩයෙන් පවසයි.