එමීර් ජනපතිගෙන් ඉරානයට අනතුරු

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින්, ඇමරිකානු හමුදා කඳවුරු පවත්වාගෙන යන ගල්ෆ් කලාපීය රටවලට ඉරානය විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරන පසුබිමක, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් පළමු වරට සිය නිල ප්‍රතිචාරය දක්වා තිබේ.