ඉරානය, අසල්වැසි මැදපෙරදිග රටවලට පහර දෙන්නේ එම රටවල ඇති ඇමරිකන් ඉලක්කවලටය. ඉරාන මිසයිල සහ පුපුරන ද්‍රව්‍ය ඇටවූ නියමුවන් රහිත ඩ්‍රෝන යානා හේතුවෙන් එම රටවල සිවිල් වැසියන්ගේ ජීවිතවලට ද හානි සිදුවී ඇත. ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියැන් ද මේ ගැන අසල්වැසි රටවලට කනගාටුව පළ කර තිබේ.