රට රැකියා 3,000ක් යුද්ධය නිසා හිරවෙයි

රැකියා සඳහා මැද පෙරදිගට යෑමට සූදානමින් සිටියදී යුද තත්ත්වය බාධාවක් වූ ශ්‍රී ලාංකිකයන් 3,000ක් පමණ දෙනාට යුද තත්ත්වය පහව ගිය පසුව රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ ‘ඉරිදා මව්බිම’ ට පැවසුවේ ය. වීසා සහ ගුවන් ටිකට් පත් වෙන් කිරීම සඳහා කාර්යාංශය අවශ්‍ය කටයුතු කරනු ඇති බව ත් එළැඹෙන සති දෙක තුනක කාලයෙන් පසු යථා තත්ත්වයට පත් වීම මත රැකියා සඳහා විදෙස්ගත වීමට අවස්ථාව ලැබෙනු ඇති බව ත් ඔහු පැවසීය. එසේ ම, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැද පෙරදිගට ශ්‍රමිකයන් යැවීම, පුහුණු කිරීම අඛණ්ඩව සිදුකරගෙන යන බව ත් එම වැඩවලට බාධාවක් වී නැති බව ත් අවධාරණය කර කීවේය. එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සෞදි අරාබිය, කුවේට්, ඕමාන්, බහරේන්, කටාර්, ඊශ්‍රායල් ඇතුළු මැදපෙරදිග රටවල මේ වන විට ශ්‍රී ලාංකිකයෝ මිලියන 1ක් පමණ රැකියා කරමින් සිටිති.