විශ්‍රාම වැටුප අහිමි වූ මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසක් ඔවුන් මන්ත්‍රීවරුන් වීමට පෙර කළ රැකියාවන්හි නැවත පිහිටුවන ලෙස රජයෙන් ඉල්ලීමක් කරති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ ලංකාදීපයට පවසා ඇත්තේ, වැටුප් වර්ධක සහ උසස්වීම් සමග එම තනතුරු නැවත දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටින බවයි. මෙසේ කටයුතු කළහොත් තමන්ට මුල් රැකියාවන්හි විශ්‍රාම වැටුප ලබාගැනීමට හැකිවන බව එම මන්ත්‍රීවරුන්ගේ අදහසයි. වෙනත් රැකියාවන් අතහැර මන්ත්‍රීවරුන් බවට පත්වුණු මෙම පිරිස අතර බහුතරයක් ගුරුවරු විදුහල්පතිවරු සහ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු වේ. මේ අතර විශ්‍රාම වැටුප අහිමි වූ මන්ත්‍රීවරුන් තවත් පිරිසක් විශ්ව විශ්වවිද්‍යාලයන්හි තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට මහපොළ ශිෂ්‍යාධාර මුදල ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත. මන්ත්‍රීවරුන්ගේ සහ විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ දරුවන්ට එම මහපොළ ශිෂ්‍යාධාර මුදල මෙතෙක් නොලැබිණි. මේ අතර මන්ත්‍රී විශ්‍රාම වැටුපෙන් සිය ඖෂධ ඇතුළු අනෙකුත් අවශ්‍යතා ඉටුකර ගත් ඇතැම් මන්ත්‍රීවරුන්ට සිය සහෝදර සහෝදරියන්ගෙන් ඒ සඳහා උදව් ඉල්ලීමට සිදුව ඇතැයිද වාර්තාවේ. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න