‘‘ඉරානයේ නව උත්තරීතර නායකයා හොඳින් ඉන්නවා‘‘

ඇමෙරිකා - ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි තුවාල ලැබුවත් ඔහු හොඳින් සහ ආරක්ෂිතව සිටින බවට තමන්ට දැනගන්නට ලැබී ඇතැයි ඉරාන ජනපති මසූද් පෙසෙෂ්කියාන්ගේ පුත් යූසෆ් පෙසෙෂ්කියාන් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අද ප්‍රකාශ කළේය.