2022 වසරේ කොළඹ , නිදහස් චතුරස්‍රය අසල නීතී විරෝධී ලෙස වීදි නාට්‍යයක් රඟ දැක්වීම තුළින් මහජන පීඩාවක් ඇති කළේ යැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල අගෝස්තු 17වනදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රත් අධිකරණය අද (16) නියෝග කර තිබේ.