ඉරානය කිසිම අවස්ථාවක ඇමෙරිකාවෙන් සටන් විරාමයක් ඉල්ලා නැතැයි ඉරාන රජය වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අවධාරණය කර ඇත. ඉරාන විදේශ අමාත්‍යවරයා මෙසේ අවධාරණය කළේ, ඉරානය සටන් විරාමයක් සම්බන්ධයෙන් තමන් සමග සාකච්ඡා පැවැත්වූයේ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිණි.