පරම්පරා හතරකට පෙර ලංකාවට පැමිණි සිය පරපුර පරම්පරා තුනක් තිස්සේ මේ රට ආරක්ෂා කළ බව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, මේජර් ජනරාල් සුරේෂ් සලේ පවසයි. වසර 37ක් තිස්සේ ආරක්ෂක හමුදා නිලධාරියෙකු ලෙස රටට සේවය කළ තමන් අතින් සිය බිරිඳට සහ දරුවන්ට බොහෝ අඩුපාඩු වූ බවද ඔහු පෙන්වා දෙයි. එලෙස සිය පෞද්ගලික ජීවිතය අමතක කර වෙනත් රටකින් පැමිණ රට රැක්ක තමන්ට මේ රට සලකන්නේ මෙසේ නම් තමන් මේ රටේ ඉපදුනේ කුමකටදැයි සුරේෂ් සලේ ප්‍රශ්න කරයි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට කිසිදු පැහැදිලි සාක්ෂි සාධක නොමැතිව දින 90ක රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මේ බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලගෙන් විමසා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඔහු හමු වූ අවස්ථාවේය. කොටි පරාජය කිරීමට සක්‍රීය ලෙස දායක වූ රණවිරුවන්ගෙන් කොටි ඩයස්පෝරාව ආණ්ඩුව ලවා පළිගනිමින් සිටින බවටද සුරේෂ් සලේලාට අමානුෂික ලෙස සලකන තරමට එම ඩයස්පෝරාව ආණ්ඩුවට ඩොලර් ලබා දෙන බවටද උදය ගම්මන්පිල චෝදනා කරයි.