ඉන්ධන කෝටාව එළවළු ප්‍රවාහනයටත් බාධා

ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීමත්, ලබා දී ඇති ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවීමත් නිසාවෙන් එළවළු ප්‍රවාහණය ගැටළුවක් වී ඇති බැවින් හෙට (17) දින සිට මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග අඩු වීමට ඉඩ ඇතැයි එම ආර්ථික මධ්‍යස්ථානයෙහි ව්‍යාපාරිකයෝ පවසති.