මීගමුව කලපුවට යාබදව ප්‍රයිම් ලෑන්ඩ්ස් විසින් ඉදිකිරීමට සැලැසුම් කර ඇති VENEZIA - NEGOMBO නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු කරන්නේ ශක්‍යතා වාර්තාවක් නොමැතිව නිසි අවසරයකින් තොරව බවට මාධ්‍ය වාර්තා පැතිර තිබේ. මීගමුව කුරණ සී.එම්. ප්‍රනාන්දු මාර්ගයේ කෙරවලේ කලපුවට මායිම්ව ද විශාල කඩොලාන රක්ෂිතයක් මධ්‍යයේ අක්කර 08ක භූමියක් තුළ ආදළ නිවාස ව්‍යාපෘතිය සිදු කරන බවද පැවසේ. මෙම නිවාස ව්‍යාපෘතියට යාමට ඇත්තේ අඩි 12ක් පමණ පටු මාර්ගයක් බවත්, ඉන් එහි වෙසෙන ජනතාවට එය බාධාකාරී බවත් කියමින් “දේශය සුරැකීමේ සිවිල් සංවිධානය” විසින් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළනාකරණ දෙපාර්තමේන්තුවට ලිඛිත විරෝධයක් දක්වා ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේවුවද, මේවන විට අදාළ ව්‍යාපෘතියේ 78%ක්ම නිවාස විකිණී ඇති අතර එසේ විකුණූ වැඩි නිවාස ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ අදාළ ඉදිකිරීම සිදු කරන භූමිය පරික්ෂා නොකර බවද පැවසේ. මේ නිවාසයක මිල ආරම්භවන්නේ රුපියල් 58,000,000 කින් වන අතර, මෙහි නිවාස විකිණීම ආරම්භ කර ඇත්තේ 2024 ඔක්තෝබර් මාසයේ සිට පමණ වන බවත්, අදාළ අනුමැතීන් නොලැබීම නිසා මේ දක්වා අදාළ නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කිසිදු මූලික ආරම්භයක් තබා නැතිබවත් පැවසේ. කෙසේවුවද, අප ප්‍රයිම් ලෑන්ඩ්ස් නිල වෙබ් අඩවිය පිරික්සීමේදී මේ ව්‍යාපෘතිය ආරම්භ කරන දිනක් හෝ එය අවසන් කරන දිනයක් දක්වා නොතිබීම ද නිරීක්ෂණය විය. “දේශය සුරැකීමේ සිවිල් සංවිධානය” සංවිධානය පෙන්වා දී ඇත්තේ අදාළ ඉඩමට පිවිසීමට ඇති අඩි 12ක් පමණ මාර්ගය දිගේ ඉදිකිරීමේ අමුද්‍රව්‍ය ප්‍රවාහනය හා එහි අවශ්‍යතා සපුරා ගැනීමට යාමෙන් එහි ඇතිවන වාහන තදබදය නිසා එහි ප්‍රදේශවාසීන්ට දැඩි අපහසුතා මතුවන බවයි. එසේම මේ මාර්ග තුළ ටිපර් වැනි විශාල වාහන ගමනා ගමනය නිසා එම මාර්ග කැඩී බිඳීයාමේ අවදානමක්ද ඇති බවද වාර්තා වේ. තවද, මෙවැනි දැවැන්ත නිවාස ව්‍යාපෘතියකට විදුලිය හා ජලය ලබා ගැනීමේදී එම පටු මාර්ගවල ඇති පද්ධති කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද ඔවුහු පෙන්වා දෙති. මේ අතර මේ ව්‍යාපෘතිය පාරිභෝගිකයන්ට අලෙවි කිරීමේදී අදාළ ඉඩමේ පිහිටා ඇති අධි සංවේදී පාරිසරික පද්ධතියක් වන කඩොලාන රක්ෂිතය ද ව්‍යාපෘති සැලැසුම්වලට ඇතුළත් කර ඇති බවට ද ඔවුහු චෝදනා කරති. මේ ව්‍යාපෘතියට ප්‍රධාන වශයෙන් සහ සම්බන්ධිත මීගමු කලපුවට සම්බන්ධ වන කෘතිම ඇළ මාර්ගය හරහා නිවාස 400ක පමණ ප්‍රමාණයක අපජලය ස්වභාවික පරිසර පද්ධතියට එකතුවීමේ දැඩි අවදානමක් ගැන ද දේශය සුරැකීමේ සිවිල් සංවිධානය පෙන්වා දී තිබේ. පිරිසක් නැවත සල්ලි අරන්… VENEZIA - NEGOMBO නිවාස ව්‍යාපෘතියට අනුමැතිය ලබා ගැනීමේ ගැටලු ඇති බව දැනගත් පාරිභෝගිකයන් පිරිසක් ඔවුන්ගේ මුදල් නැවත ඉල්ලාගෙන ඇති බවට ද මාධ්‍ය වාර්තා කර ඇත. මේ ව්‍යාපෘතිය අනුමත කිරීමට නම් අවම වශයෙන් අඩි 30ක හෝ පිවිසුම් මාර්ගයක් අදාළ ඉඩමට තිබිය යුතු බැවින් ප්‍රදේශවාසීන්ගෙන් එම ඉඩමට සමස්ත ලෙස ඇති අඩි 8ක පමණ මාර්ගය විශාල කර ගැනීමට එහි බලධාරීන් විශාල වෙහෙසක් දරමින් සිටින බවද පැවසේ. ප්‍රයිම් ලෑන්ඩ්ස් හි සමූහ සභාපතිවන්නේ, බ්‍රහ්මණගේ ප්‍රේමලාල් මහත, එහි සමූහ සම සභාපති ලෙස සඳමිණී පෙරේරා කටයුතු කරන අතර, අධ්‍යක්ෂවරුන් ලෙස නලින්ද හීනටිගල අධ්‍යක්ෂකවරුන් හා වරියන් ලෙස අනුර පතිරගේ, දිනූෂා ප්‍රනාන්දු හා ෂෙහානා බ්‍රහ්මණගේ කටයුතු කරන බව ප්‍රයිම්ලෑන්ඩ්ස් නිල වෙබ් අඩවියේ සටහන්කර තිබේ. එසේම ප්‍රයිම් රෙසිඩන්සීස් හි අධ්‍යක්ෂවරුන් ලෙස තවත් නම ගිය පරිසක් වන මහාචාර්ය ආනන්ද ජයවර්ධන, මහාචාර්ය සම්පත් අමරතුංග,ධම්මික කලපුගේ හා දීපාල් සූරියආරච්චි වැනි අය කටයුතු කරන බවද පැවසේ. මේ නිවාස විකිණීමට ගැනුම්කරුවන් ආකර්ශනය කර ගැනීමට අදාළ අධ්‍යක්ෂවරුන්ගේ හොඳ නම භාවිතා කරන බවද පැවසේ. කෙසේවුවද, මේ සම්බන්ධයෙන් අප වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ ව්‍යාපෘති භාරව සිටින්නේ යැයි පැවසෙන සහකාර අධ්‍යක්ෂ කේ. රුවන් මහතාගෙන් විමසීමක් කළ අතර ඔහුට මාධ්‍යට තොරතුරු ලබාදිය නොහැකි බව පවසමින් අදාළ විමසීම අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සිදුකරන ලෙස ඉල්ලා සිටියේය. අප වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සහ කළ ද එය ව්‍යර්ථ විය. දේශය සුරැකීමේ සිවිල් සංවිධානය විසින් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළනාකරණ දෙපාර්තමේන්තුවට යවන ලද ලිපිය. මෙතෙක් කිසිදු ඉදිකිරිමක් නොකළ ආදාල ව්‍යපෘති භූමියේ පිහිටිම 2024 දී ඇරඹි මේ ව්‍යාපෘතිය අනුමැතියකින් තොරවීම නිසා ව්‍යාපෘති ආරම්භයට කිසිදු ආරම්භයක් තබා නොමැති බිම. ප්‍රයිම් අධ්‍යක්ෂ මණ්ඩලය මූලාශ්‍රය - voiceofsrilanka.com