සාංචි අනු­රූ හොරකමේ පරී­ක්ෂණ හමස් පෙට්ටියේ - සඳකඩ පහනේ හොරකමට නම් ළඟදීම කෙහෙළිය අල්ලස් කොමිසමට!

ශ්‍රී ලංකාවේ ඇති වටි­නාම පුරා­වස්තු කිහි­ප­යෙන් එකක් වන ක්‍රිස්තු පූර්ව තුන්වැනි සිය­ව­සට අයත්, මිහිඳු හිමි මෙර­ටට රැගෙන ආ බවට සැල­කෙන සාංචි ස්තූපයේ අනු­රුව සොරා­ගැ­නීම පිළි­බඳ කිසිදු විධි­මත් පරී­ක්ෂ­ණ­යක් මෙතෙක් සිදුකර නැත. රඹු­ක්කන, දැලි­වල, කොට­වෙ­හෙර විහා­ර­ස්ථා­නයේ තිබූ මේ අනු­රුව සොරා­ගෙන ඇති බවට රඹු­ක්කන පොලී­සි­යට පැමි­ණි­ල්ලක් ලැබී තිබුණේ 2022 පෙබ­ර­වාරි 12දාය. පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව මඟින් මේ පිළි­බඳ මූලික පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර ඇතත්, ඉන් පසුව එය නවතා දමා තිබේ. රඹු­ක්කන පොලිසිය මඟින් මූලික විම­ර්ශ­න­ව­ලින් පසු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට මෙහි විම­ර්ශන භාර දී ඇත. පොලි­සි­යට ලැබී ඇති පැමි­ණි­ල්ලට අනුව අදාළ විහා­ර­ස්ථා­නයේ ධාතු මන්දි­රය කඩා ඇති අතර, අඟල් එකහමා­රක දඹ රන් කර­ඬු­වක්, අඟල් එක­හ­මාර බැගින් වන පළිඟු කරඬු 3ක්, රන් කරඬු 5ක් සහ ධාතු මංජු­සා­වක් සොරාගෙන තිබේ. මේ සම්බ­න්ධ­යෙන් ‘සිළු­මිණ’ කළ විම­සු­ම­කදී පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල් සෙන­රත් වික්‍ර­ම­සිංහ තහ­වුරු කර ඇත්තේ, පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව මඟින් මේ පිළි­බඳ විධි­මත් පරී­ක්ෂ­ණ­යක් සිදුකර නැති බවයි. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් සහ අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභා­වෙන් මේ පිළි­බඳ විම­ර්ශන 2ක් පව­ත්වා­ගෙන ගියද, ඒ කිසිදු විම­ර්ශ­න­ය­කින් සෑහී­ම­කට පත් විය හැකි තොර­තු­රක් මෙතෙක් ලැබී නැතැ­යිද අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා සඳ­හන් කර ඇත. මේ අතර ශ්‍රී වීර පරා­ක්‍රම නරේන්ද්‍ර රජ සම­යට අයත් බව සැල­කෙන සඳ­ගල නම් පෞරා­ණික වටි­නා­ක­මක් සහිත පාෂා­ණ­යක් අතු­රු­දන් වීම පිළි­බඳ අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභා­වෙන් සිදුකරන විම­ර්ශන සැල­කිය යුතු ප්‍රග­ති­යක් අත්කර­ගෙන ඇත. මේ සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු අධ්‍යක්ෂ ප්‍රසාද් රණ­සිංහ පසු­ගිය සතියේ අත්අ­ඩං­ගු­වට ගැනුණු අතර, මීට සම්බන්ධ බවට තොර­තුරු අනා­ව­ර­ණය වී ඇති හිටපු ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල සහ හිටපු පොලි­ස්ප­ති­ව­ර­යකු සම්බ­න්ධ­යෙන්ද විම­ර්ශන පැවැත්වේ. මේ දෙදෙනා ඉදි­රි­යේදී අල්ලස් කොමි­ස­මට කැඳවා ප්‍රශ්න කිරී­මට නිය­මි­තය. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න