දෙවුන්දරට ඔබ්බෙන් වූ දකුණු මුහුදු තීරයේ දී රුපියල් බිලියන තුනකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 133යි ග්‍රෑම් 28 ක් සමග නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයින් පස්දෙනා ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු දින හතක් රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මත්ද්‍රව්‍ය කාර්යාංශයට අද අවසර ලබා දුන්නේය.