අල්ලස් ගත් රථවාහන ස්ථානාධිපති රිමාන්ඩ්

රාගම සතිපොළ බදු පදනම් මත ලබාගත් ව්‍යාපාරිකයාගෙන් පොළ පැවැත්වෙන දින දෙක සඳහා රුපියල් පන්දහස බැගින් අල්ලස් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රාගම පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 31 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා නියෝග කළේය.