අප්‍රේල් මාසයට අදාළව තෙල් ඇණවුම් සියල්ල ස්ථීර කර අවසන් -CPC

ඊයේ (18) දිනය තුළ අප්‍රේල් මාසයට අදාළව තෙල් ඇණවුම් සියල්ල ස්ථීර කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

තෙල් සංස්ථාවේ අධ්‍යක්‍ෂ, මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේ, ඒ අනුව තෙල් නැව් 5ක ඇණවුමක් ඊයේ දිනයේ දී ස්ථීර කළ බවය.