බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, දකුණ, ඌව, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශ වල සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.