ශ්‍රීලන්කන් හිටපු CEO එයාර් බස් ගනුදෙනුවට හිටපු ජනපති මහින්දට සහ පියංකර ජයරත්නට අල්ලස් දුන් බවට අනාවරණයක්

එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම අද (19) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.