මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන යුද තත්ත්වය හමුවේ එම කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ රැකියා වල සුරක්ෂිතතාවය වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, තානාපති කාර්යාල කම්කරු සුභසාධන අංශ හා එක්ව වැඩපිළිවෙලක් මේ වන විටත් සකස් කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.