‘‘පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ ගැටළු සමථවීය හැකියි‘‘

පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් නීති විරෝධී අන්දමින් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි චමින්ද කුමාර කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමේ සිද්ධිය සමථයට පත් කිරීමේ හැකියාවක් ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නේය.