සිරිසඳ නිවාස ව්‍යාපෘතියේ නිවාස දේශපාලන හිතවතුන්ට දීලා-අල්ලස් කොමිසම

නිවාස සංවර්ධන අධිකාරිය විසින් කොළඹ බ්ලූමැන්ඩල් වතු නිවාස හිමියන් හා කොළඹ දුගී දුප්පත් අඩු ආදායම් ජනතාව සඳහා ඉදිකරන ලද සිරිසඳ නිවාස ව්‍යාපෘතියේ නිවාස 22ක් , හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ හා හිටපු නීතිපතිවරයකුගේ ඉල්ලීම් අනුව දේශපාලන හිතවතුන්ට ලබා දී ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම අද පැවැසීය.