anura kuamara

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) දිනයේදී පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබේ. වර්තමානයේ  පවතින දැඩි යුද ආතතිමය වාතාවරණය හමුවේ, ශ්‍රී ලංකාව අනුගමනය කරනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සහ රජයේ සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා එහිදී විශේෂ පැහැදිලි කිරීමක් සිදු කිරීමට නියමිතය. පසුගියදා මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී ද ජනාධිපතිවරයා රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව කරුණු ඉදිරිපත් කළ අතර, අද දින පාර්ලිමේන්තුවේදී සිදු කරන ප්‍රකාශය හරහා මෙරට විදේශ ප්‍රතිපත්තිය සහ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමට ගන්නා පියවර පිළිබඳව වැඩිදුරටත් කරුණු අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න