තුර්කියට සහ ඕමානයට එල්ල වූ ප්‍රහාරවලට ඉරානයේ සම්බන්ධයක් නෑ - නව උත්තරීතර නායක මොජ්ටබා ඛමේනිගෙන් විශේෂ ප්‍රකාශයක්!

තුර්කිය සහ ඕමානය ඉලක්ක කර ගනිමින් මෑතකදී එල්ල වූ මිසයිල ප්‍රහාරවලට ඉරානයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එරට නව උත්තරීතර නායක මොජ්ටබා ඛමේනි (Mojtaba Khamenei) අවධාරණය කරයි. මාරියෝ නව්ෆල් (Mario Nawfal) වාර්තා කරන අන්දමට, මෙම ප්‍රහාර ඉරානය සහ කලාපීය මිත්‍ර රටවල් අතර පවතින සබඳතා බිඳ දැමීම සඳහා එල්ල කරන ලද "සයොනිස්ට් කුමන්ත්‍රණයක්" (Zionist deception) ලෙස මොජ්ටබා හඳුන්වා දී ඇත.