ඉන්ධන මිල දැවැන්ත ලෙස වැඩි කරයි.. නව මිල ගණන් මෙන්න..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් 2026 මාර්තු මස 21 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇත. මෙම මිල සංශෝධනය දිවයින පුරා පිහිටි සියලුම සිපෙට්කෝ පිරවුම්හල් සඳහා බලපැවැත්වේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382ක් වේ. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 443ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ, රුපියල් 455කි. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 81කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 398ක් ලෙස දැක්වෙයි. ලංකා භූමිතෙල් මිල රුපියල් 60කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 255ක් වන ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි. සසංශෝධධිත මිල ගණන් සහ පැවති මිලට සාපේක්ෂව සිදුව ඇති ප්‍රතිශතාත්මක වැඩිවීම පහත පරිදි වේ.