උඹලට මම දෙන්නෙ පැය 48යි! හෝමුස් ඇරියෙ නැත්නම් ඔක්කොම බලාගාර විනාශ කරනවා! ට්‍රම්ප් අවසන් ආඥාව නිකුත් කරයි!

හෝමූස් සමුද්‍ර සන්ධිය පැය 48ක් තුළ විවෘත නොකළහොත් ඉරානයේ සියලු බලාගාර විනාශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, සිය Truth Social වෙත සටහනක් තබමිනි. ඒ අනුව සිය සටහන තබන කාලයේ සිට පැය 48ක අනතුරු ඇඟවීමේ කාලය ආරම්භ වන බව ද එහි සඳහන් වේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාර්තු 21 වන දින GMT 23:44ට මෙම සටහන පළ කළේය. ඒ අනුව  එනම් මාර්තු 23 වන දින GMT 23:44 දක්වා ඉරානයට සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට අවකාශය හිමිවන බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න