ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට - අමාත්‍ය නලින්ද ජයතිස්ස

ඩීසල් මෙ.ටො. 37,000ක් රැගත් නෞකාවක් එළැඹෙන මාර්තු 25වනදා දිවයිනට ළඟවීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය.