මොරටුව මහා ක්‍රිකට් තරගයෙන් පසු උණුසුම් තත්ත්වයක්.. හිටපු නගරාධිපතිගේ පුත්‍රයා බීමතින් පුහුණුකරුට ගහන්න හදලා.. දෙමව්පියන්ගෙන් ගුටි නොකා නූලෙන් බේරෙයි..

පසුගියදා මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ පැවති මොරටුවේ ප්‍රසිද්ධ පාසල් දෙකක් අතර මහා ක්‍රිකට් තරගය අවසන් වීමෙන් අනතුරුව උණුසුම් තත්ත්වයක් ඇතිවූ බව වාර්තා වේ. එහිදී එක් පාසලක ප්‍රවීණ පුහුණුකරුට එම පාසලේම හිටපු ක්‍රීඩකයෙකු විසින් පහර දීමට උත්සාහ කළ බව සඳහන් වේ. අදාල පුහුණුකරු පසුගිය කාලයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ මට්ටමේ ක්‍රීඩකයෙකු වන අතර, සිද්ධිය සිදුව ඇති වේලාවේ පහරදීමට සැරසුන එම හිටපු ක්‍රීඩකයා බීමතින් සිට ඇති බවද වාර්තා වේ. තවද, පහර දීමට උත්සාහ කළ පුද්ගලයා ප්‍රදේශයේ හිටපු නගරාධිපතිවරයෙකුගේ පුත්‍රයෙකු වීමද විශේෂත්වයකි. ඔහු ක්‍රීඩක කාමරයට බලහත්කාරයෙන් ඇතුළු වී මෙම ක්‍රියාවට යොමු වී ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත්, ආදි සිසුන් මැදිහත් වී තත්ත්වය පාලනය නොකරන්නට, එම පුද්ගලයාට දෙමව්පියන් සහ පාසල් ක්‍රීඩකයින්ගෙන් හොඳටම ගුටි කන්න ඉඩ තිබූ බවද තවත් වාර්තා වේ.