ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් අද (23) උදෑසන ගනුදෙනු ආරම්භයේදීම කැපී පෙනෙන ලෙස ඉහළ ගියේය. මෙහිදී වඩාත් අවධානයට ලක්වූ කරුණ වන්නේ ඇමරිකානු මිණුම්දණ්ඩ ලෙස සැලකෙන ’වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ (WTI) බොරතෙල් මිල දීර්ඝ කාලයකට පසු යළිත් ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා යෑමය.