අනුරට ඔත්තේ දිනවල ජනාධිපති ධුරත් ඉරට්ටේ දිනවල විපක්ෂ නායක ධුරයත් දැරිය යුතුයි…! – ආචාර්ය චන්න ජයසුමන

අනුර දිසානායක මහතාට ඔත්තේ දිනවල ජනාධිපති ධුරයත් ඉරට්ටේ දිනවල විපක්ෂ නායක ධුරය දරන ලෙස තමන් ඉල්ලා සිටින බව සර්වජන බලය උප සභාපති ආචාර්ය චන්න ජයසුමන පවසයි. එවිට එතුමා ඉරට්ටේ දිනවල විපක්ෂ නායක ධුරය දරමින් සියලු ප්‍රශ්නවලට විසඳුම් ප්‍රකාශ කරනු ඇති බවද ඔහු පෙන්වා දෙයි. ඊළඟ දිනයේ ජනාධිපතිවරයා ලෙස මෙම ගැටලුවලට විසඳුම් ලබාදීමට හැකි බවත් මේ අවස්ථාවේ ඇති පහසුම විසඳුම එය බවත් ආචාර්ය ජයසුමන වැඩි දුරටත් ප්‍රකාශ කරයි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න