ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය දියත් කරන හමුදාමය ක්‍රියාමාර්ග සඳහා සහාය දැක්වීමට එක්වන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලෝක නායකයන්ගෙන් හදිසි ඉල්ලීමක් කර තිබේ. දකුණු ඊශ්‍රායලයේ අරද් නගරයට එල්ල වූ ප්‍රහාරයක් නිරීක්ෂණය කිරීම සඳහා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී අගමැතිවරයා මෙම ප්‍රකාශය සිදු කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති නෙතන්යාහු මෙසේ පැවසීය: "ලෝක නායකයන් අප සමඟ අත්වැල් බැඳගත යුතු කාලය එළඹ තිබෙනවා. ඇතැම් පාර්ශවයන් දැනටමත් ඒ සඳහා යොමු වෙමින් පවතින බව මට පෙනෙන්නට තිබෙනවා." ඉරානය ලෝක සාමයට තර්ජනයක් බව අවධාරණය කළ අගමැතිවරයා, ඉරානයේ ඉලක්කය වී ඇත්තේ ඊශ්‍රායලය පමණක් නොව සමස්ත ලෝකයම බවට ද අනතුරු ඇඟවීමක් කළේය. පවතින උණුසුම් වාතාවරණය හමුවේ ඉරානයට එරෙහිව ජාත්‍යන්තර සහයෝගීතාවක් ගොඩනැගීමට ඊශ්‍රායලය මේ වන විට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දැඩි උත්සාහයක නිරතව සිටී. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න