බස් ධාවනයෙන් ඉවත් වීම වර්ජනයක් නෙමෙයි - ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

බස් ධාවනයෙන් ඉවත් වීමට අද (23) ගත් තීරණය වර්ජනයක් නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඔහු පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග පැරණි බස් ගාස්තුව යටතේ ධාවනය කළ නොහැකි බැවින් ධාවනයෙන් ඉවත් වීමට තීරණය කළ නමුත් මෙය කිසි සේත් වර්ජනයක් නොවන බවය.