මරා දාපු රවිරාජ් අවුරුදු 10කට පසු යළි ගොඩගනී! මහාධිකරණය නාවික හමුදා සාමාජිකයන් ඇතුලු පස් දෙනෙක් නිදොස් කොට නිදහස් කළ තීන්දුව අභියාචනාධිකරණය ඉවත දමයි!
Gossip Lanka News

මරා දාපු රවිරාජ් අවුරුදු 10කට පසු යළි ගොඩගනී! මහාධිකරණය නාවික හමුදා සාමාජිකයන් ඇතුලු පස් දෙනෙක් නිදොස් කොට නිදහස් කළ තීන්දුව අභියාචනාධිකරණය ඉවත දමයි!

මහත් ආන්දෝලනයකට තුඩු දුන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නාවික හමුදා සාමාජිකයින් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුවක් ඉවත දැමූ අභියාචනාදීකරණය එම නඩුව යළි විභාග කරන ලෙස නියෝගයක් නිකුත් කළේය. අදාළ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව සශී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුනි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site