ඇමති හඳුන් දුඹුරු සීනි කඩයෙන් නොනවතී…. පොළොන්නරුවට මැණික් පර්යේෂණගාරයක් දෙයි…!
Gossip Lanka News

ඇමති හඳුන් දුඹුරු සීනි කඩයෙන් නොනවතී…. පොළොන්නරුවට මැණික් පර්යේෂණගාරයක් දෙයි…!

මැණික් කර්මාන්තකරුවන්ගේ පහසුව උදෙසා පොළොන්නේරුවේ දිස්ත්‍රික්කය තුළ මැණික් පර්යේෂණ රසායනාගාරයක් ස්ථාපනය කිරීමට තීරණය කර තිබේ. ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු හඳුනාගෙන, රාජ්‍ය යාන්ත්‍රණය ඔවුන් වෙත සමීප කරවීමේ අරමුණින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26) පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ‘දිස්ත්‍රික් කර්මාන්ත අනුකමිටු’ රැස්වීමේදී මෙම තීන්දුව ගෙන තිබේ. මෙහිදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කාර්මික ක්ෂේත්‍රය නංවාලීම සඳහා වැදගත් යෝජනා කිහිපයකට අනුමැතිය හිමි වී ඇත. මෙයට පෙර ඇමති සුනිල් හඳුන්නෙත්ති දේශීය සීනි ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව ආරම්භ කළ දුඹුරු සීනි කඩ ව්‍යාපෘතිය සමාජ මාධ්‍යවල බෙහෙවින් කතාබහට ලක්විය. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site