Collector
Giriş Yap
පාස්කු ප්‍රහාරය සුරේෂ් සලේගේ අනුදැනුම සහ සැලසුම් මත දේශපාලඥයින් පිරිසකගේ සහාය ඇතිව සිදු කර ඇති බ​ව CIDය අධිකරණයට දැනුම් දෙයි | Collector
පාස්කු ප්‍රහාරය සුරේෂ් සලේගේ අනුදැනුම සහ සැලසුම් මත දේශපාලඥයින් පිරිසකගේ සහාය ඇතිව සිදු කර ඇති බ​ව CIDය අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සුරේෂ් සලේගේ අනුදැනුම සහ සැලසුම් මත දේශපාලඥයින් පිරිසකගේ සහාය ඇතිව සිදු කර ඇති බ​ව CIDය අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පෙර සහ පසු සිදු වූ සියලුම සිදුවීම් මැනවින් සැලසුම් කරන ලද එකම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද විමර්ශන වාර්තාව මඟින් පැහැදිලිවම අනාවරණය කර තිබේ. මෙම සමස්ත කුමන්ත්‍රණය මෙහෙයවීම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ ඇතුළු යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ පූර්ණ අනුදැනුම හා සූක්ෂම සැලසුම් මත සිදු වී ඇති බව එම වාර්තාවේ අනාවරණය වේ. මෙම සමස්ත කුමන්ත්‍රණ යාන්ත්‍රණය සඳහා මෙරට දේශපාලනඥයින් පිරිසකගේ සහාය සහ අනුබලය ද හිමිව තිබූ බව විමර්ශන මඟින් පැහැදිලිවම හෙළි කරගෙන තිබේ. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site