Gossip Lanka News
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 22ක් ඇප නොමැතිව රඳවා සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ හිජාස් හිස්බුල්ලා පවසන්නේ, සුරේෂ් සලේ නිවැරදිකරුවකු නම් ඔහු ශක්තිමත්ව සිට නඩුවට මුහුණ දිය යුතු බවයි. සමාජ මාධ්‍ය සටහනක් තබමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ හිජාස් හිස්බුල්ලා වැඩිදුරටත් මෙසේ පවසා ඇත. “ඔහු නිවැරදිකරු නම්, සලේ ශක්තිමත්ව සිටිමින් තමන්ගේ නඩුව වෙනුවෙන් සටන් කළ යුතුයි. අපි කළෙත් ඒකමයි. අපි යාච්ඤා කළා, ව්‍යායාම කළා, පොත්පත් කියෙව්වා, අපේ නීතිඥවරුන් හමුවුණා, වගේම අපේ නඩුවලට මුහුණ දීලා සටන් කළා. අපව රඳවා තබාගත් සලේ හොඳින්ම දන්නවා එදා අපිට තිබුණු තත්ත්වය අද ඔහුට තියෙන තත්ත්වයට වඩා බෙහෙවින්ම දරුණු එකක් කියලා.” මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site