Collector
Giriş Yap
අපට අවශ්‍ය බෝම්බ දමා ඉරානය විනාශ කළ හැකියි.. නමුත් එසේ කළහොත් හෝමුස් මාස ගණනාවකට වැහෙනවා..- ට‍්‍රම්ප් | Collector
අපට අවශ්‍ය බෝම්බ දමා ඉරානය විනාශ කළ හැකියි.. නමුත් එසේ කළහොත් හෝමුස් මාස ගණනාවකට වැහෙනවා..- ට‍්‍රම්ප්

අපට අවශ්‍ය බෝම්බ දමා ඉරානය විනාශ කළ හැකියි.. නමුත් එසේ කළහොත් හෝමුස් මාස ගණනාවකට වැහෙනවා..- ට‍්‍රම්ප්

ඉරානය සහ ඊශ්‍රායලය අතර ඓතිහාසික සාම ගිවිසුමක් අත්සන් කිරීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින බවත්, අවම වශයෙන් ඉදිරි සතියක කාලය තුළ දෙපාර්ශවයම ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටිනු ඇති බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ඇමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, දෙපාර්ශවයම ඉතා සාර්ථක සාම ගිවිසුමක අවසාන අදියරට පැමිණ සිටින බවයි. මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ලෝක වෙළඳාමට අතිශය වැදගත් වන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ වහාම විවෘත කිරීමට හැකි වනු ඇතැයි ද, ඉදිරි දින දෙක තුන ඇතුළත ඊට අදාළ අත්සන් තැබීම් සිදු විය හැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. පසුගිය අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමයෙන් පසුව, ඉරානය සහ ඊශ්‍රායලය අතර දරුණුතම ගැටුම්කාරී තත්ත්වයක් පසුගියදා වාර්තා වූ අතර, ඉන් අනතුරුව ප්‍රහාර තාවකාලිකව නතර කිරීමට දෙපාර්ශවයම එකඟ වී තිබේ. ඇමෙරිකාව විසින් ඉරානයට පනවා ඇති නාවික අවහිරතාව, ගුවන් ප්‍රහාර එල්ල කිරීමට වඩා සාර්ථක වූ බව පෙන්වා දුන් ට්‍රම්ප්, "අපට අවශ්‍ය නම් සති දෙක තුනක් පුරා බෝම්බ හෙළා ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ කළ හැකියි. නමුත් එසේ කළහොත් හෝමුස් සමුද්‍ර සන්ධිය මාස ගණනාවකට වසා තැබීමට සිදු වෙනවා. වත්මන් නාවික අවහිරතාව නිසා ඉරානය සාම සාකච්ඡා සඳහා යොමු වුණා" යැයි පැවසීය. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ දැඩි ක්‍රියාකලාපය පිළිබඳව කලකිරීමට පත්ව සිටින ජනාධිපති ට්‍රම්ප්, යුද්ධය දිගටම කරගෙන යාමේ ආදීනව පිළිබඳව ඔහුට දැඩිව අනතුරු අඟවා ඇති බව ප්‍රමුඛ පෙළේ විදෙස් මාධ්‍යයක් වන 'Axios' වාර්තා කර ඇත. එහිදී ට්‍රම්ප් , "නෙතන්යාහු, ඔබ වඩාත් ප්‍රවේශම් විය යුතුයි. නැතහොත් නුදුරේදීම ඔබට තනිවම සටන් කිරීමට සිදුවේවි" යැයි පවසා තිබේ. එසේම සිය 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටියේ වහාම වෙඩි තැබීම් නතර කරන ලෙසයි. අඥාන හෝ අනුවණ ක්‍රියාවක් සිදු නොවන්නේ නම්, කලාපීය සාමය උදෙසා වන අවසාන සාකච්ඡා සාර්ථක වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

Go to News Site