Gossip Lanka News
සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් අවුරදු නැකැත් ප්‍රකාශයට පත් නොකරන බවත් කැමති මගුලක් කරගන්නා ලෙසත් පැවසීම නිසා දිලිත් ජයවීර අවුරුදු නැකැත් රටට ලබා දුන් බව ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ඉන්දික තොටවත්ත පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අවුරුදු නැකැත් පිළිබඳ සංවාදය නැවත මතු වූයේ දිලිත් ජයවීරගේ ක්‍රියාව සමග බවත් ඊට ඔහුට දොස් තැබිය නොහැකි බවත්ය. දිලිත් ජයවීර අවුරුදු නැකත දීමේ හීනමානය සුනිල් සෙනෙවි ඇතුළු ආණ්ඩුවට ඇති බවත් ආණ්ඩුව “දිලිත් හින්දා ගන්නත් බැහැ – නැකත් හින්දා අහක දාන්නත් බැහැ..” තත්ත්වයට පත්ව ඇති බවටත් ඔහු චෝදනා කරයි. ආණ්ඩුවට තමන් දිලිත් ජයවීරට වඩා වෙනස් දෙයක් කළ බව පෙන්වීමට උත්සාහ කළද ආණ්ඩුව මේ ආකාරයට කටයුතු නොකළ යුතු බව පෙන්වා දෙන ඉන්දික තොටවත්ත, ආණ්ඩුව නිසි ලෙස කටයුතු නොකරන්නේ නම් ජනතාව ලිතේ ඇති නැකැත් චාරිත්‍ර ඉටු කිරීමට කටයුතු කළ යුතු බවද ප්‍රකාශ කරයි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site