Ada Derana Sinhala
2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව සිසුන් 176,527ක් එනම් 62.64%ක් සරසවි වරම් ලබාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්, ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.
ඊයේ (31) රාත්‍රියේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළ බව අද දින විභාග කොමසාරිස් ජනරාල්වරිය විසින් නිල වශයෙන් දැනුම් දුන්නේය.