Gossip Lanka News
ව්‍යවසායකයෝ කියලා කියන්නේ "ව්‍යාපාරිකයෝ" කියලා හුඟක් අය හිතන්නේ නෑ... ව්‍යාපාරිකයෝ කිව්වම වෙළෙන්දෝ. ඒක ටිකක් හිතට හරි නෑ වගේ. ලස්සන නෑ. මොඩ් නෑ. පොෂ් නෑ... හැබැයි ව්‍යවසායකයා කියලා කිව්වම මාරයි. ඒක ඊට වඩා ගොඩක් නම්බුකාරයි වගේ. හරි වැදගත්, ඒක මාර විද්‍යාත්මකයි, මාර පිළිගැනීමක්... රටවල් ගොඩ දාන්න නම් අන්න ඒගොල්ල “දේශපාලනයට එන්න ඕන” කියලාත් සමහරු පහුගිය කාලේ තියරි හැදුවා.. ඔය ලෙඩේ අපේ රාජ්‍යතන්ත්‍රයේ හුඟක් අයට බෝ වෙලා තිබුණා අතරේ තමයි පාඩු ලබන රාජ්‍ය ආයතන ගොඩ ගන්න ඕන නම් අන්න ඒවා මේ රටේ අතිසාර්ථක ව්‍යාපාර කරමින් ඉන්න ව්‍යවසායකයෝ අතට පත් කරන්න ඕන කියලා රාජ්‍ය මට්ටමින් මතයක් හැදුනේ... සමහරු එහෙම තියරි හැදුවා... ඊළඟ පියවර වුනේ එයින් සමහර ව්‍යාපාරිකයෝ එක එක ආණ්ඩු වලට හේත්තු වෙච්ච එක. එක එක පක්ෂ එක්ක ඩීල් දාගෙන ඒ පක්ෂ බලයට ගේන්න වියදම් කරපු එක. ඒක ඉස්සර අඩුයි... අද වසංගතයක් වෙලා.... ආණ්ඩු ඒගොල්ලගෙ පිහිටෙන්, ඒගොල්ලොන්ගෙ හැකියාවෙන් වගේම ව්‍යවසායකත්ව පළපුරුද්දෙන් ආණ්ඩුවේ තියෙන ගරා වැටුන ආයතන ගොඩ ගන්න හිතුවට, ඒ සමහර ව්‍යාපාරිකයො අර ආයතනවල වගකීම භාරගත්තේ ඒ ආයතන ගොඩ දාන්න නොවෙයි. ඒ ආයතන වලින් තමන්ගේ ව්‍යාපාරවලට අවශ්‍ය පහසුකම්, වරප්‍රසාද හා ව්‍යාපාරික අවස්ථා තමන්ගේ ආයතනවලටත් ලබාගන්න... ඔය ගැන පහුගිය දවස්වල රටේ ලොකු ලොකු සංවාද ඇතිවුණා. රටේ ව්‍යවසායක ක්ෂේත්‍රයේ නමගිය සිංහල ව්‍යාපාරිකයෝ වගේම නම ගිය මුස්ලිම් ව්‍යාපාරිකයොත් ආණ්ඩු වලට දේශපාලඥයන්ට කිට්ටු වෙලා මේ අදහස ඔවුන්ගෙ ඔලු කුහර ඇතුලේ පැලපදියම් කරන්න මොනවද නොකළේ? අන්තිමේ පාඩු ලබන රාජ්‍ය ආයතන ගොඩ දාන්න කියලා මේගොල්ලො සෙට් වෙච්ච හැටි බලන්න... හැබැයි ඉතිහාසයේ වෙච්ච දේ තමයි ව්‍යවසායකයො හැටියට ආණ්ඩු වලට කිට්ටු උණු ව්‍යාපාරිකයෝ ඒ රාජ්‍ය දේපල හා රාජ්‍ය ව්‍යවසායන් තමන්ගෙ කරගත්ත එක. එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාරික ජාලය ඇතුළට කාවද්දා ගත්ත එක. ඉස්සරම නං ඔය සමහර ව්‍යවසායන් ව්‍යාපාරිකයො මැදිහත් වෙලා දියුණු කළ බව ඇත්ත... හැබැයි මෑත ඉතිහාසය මොකද උනේ?. ව්‍යවසායකයෝ ඒ රාජ්‍ය ව්‍යවසායන් වල තනතුරු අරගෙන ඒවා ඇතුලට ගිහින් ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය වැනි විවිධ ගාම්භීර වචනවලට මුවාවෙලා ඒවයි තියෙන බිස්නස් ටික ගලවලා එලියට ගන්න එක. එළියට අරන් එම රාජ්‍ය ආයතන වල බර අඩුකරලා වගකීම අඩු කරලා ඔහේ තියෙන්න අරිනවා. ඊට පස්සේ හෙමිහිමීට තමන් ඒ ආයතනවල වගකීම් වලින් ඉවත් වෙනවා... ඔන්න තියරිය. අත්හදා බලපු අයගේ නම් ටිකක් ඕනද. ඕන නැතිවෙයි... මොකද දැනටමත් ඒගොල්ලෝ ගැන ඕගොල්ලෝ දැනුවත්. දැන් රටම දන්නවා.. තිලක් සියඹලාපිටිය කියන්නෙ විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රබලයෙක්. කලක් විදුලිබල මණ්ඩලයේ වගකීම් දැරුවනේ. පස්සේ ඔන්න එයාත් ඉවත් වුණා... එතකොට ඊළඟට මේ ආණ්ඩුවත් එක්ක සෙට් වුණු ලොකුම ව්‍යාපාරිකයෝ බලන්නකෝ... රාජ්‍ය ආයතන වලට එයාලා රිංගුවෙ නෑ තමයි. හැබැයි එයාලයි ව්‍යාපාර වල අධ්‍යක්ෂ මණ්ඩලවල ඉන්න ලොකුම මිනිස්සු රාජ්‍ය ආයතන ඇතුළට බැස්සුවා. ගානට නොදැනෙන්න තල්ලු කරලා දැම්මා... දැන් ඔන්න ඒගොල්ලොත් ටික ටික අයින් වෙන්න පටන් අරන්.. ශ්‍රී ලංකන් එයාලයින් එකේ හොඳම ගුවන් ගමන් ටිකත්, හොඳම බිස්නස් ටිකත් දැන් එළියට අරන් ඉවරයි... එහෙනම් ඉතින් තවදුරටත් මොන කෙන් ගෙඩියකටද මේක ඇතුලේ ඉන්න කියලත් ඒ ලොකු ලොක්කන්ට හිතෙන්න ඇති... පහුගිය දවස් වල බුකිය හැමතැනම ආරංචියක් පැතිර ගියා. සරත් ගනේගොඩත් sri lankan airline තනතුරු වලින් හා වගකීම්වලින් ඉවත් වුණා කියලා... හරි.... එහෙනම් sri lankan airline ගොඩදාන වැඩේ ටක්කෙටම ඉටු ඉටුකරලා ඉවර ඇති... ඔන්න ඔහොමයි වැඩ වෙන්නේ... උපුටාගැනීම -theleader
Go to News Site